සියයට 50ක බහුතර බලයක් හිමි නොවූ එහෙත් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිය පක්ෂයෙන් තේරී පත්ව ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සඳහා වෙනත් පාර්ශවයකින් සහාය ඉල්ලා සිටීමට අයිතියක් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා පවසනවා.
නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය ලබා ගැනීමට එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
මේ අතර කොළඹ මහ නගර සභාව සහ තවත් පළාත් පාලන ආයතන ගණනාවක ආයතන ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා රහස් ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහසක්.
ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.