ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා පැවතියද මෙරට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය සමත් වූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට සේවකයින් 1,500ක් බඳවා ගැනීමටත් ලංකා ගමනාගමන මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත රියදුරු සහ කොන්දොස්තරවරුන් 750ක් බඳවා ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.