Published
ප්‍රධාන මැතිවරණ තුනකට පසු පැවැත්වීමට ඉතිරිව ඇත්තේ පළාත් සභා මැතිවරණය පමණක් බැවින් දැන් එළඹ ඇත්තේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා හොඳම කාලය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
වත්මන් පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයකට තුනෙන් දෙකක බලයක් ඇති බැවින් අදාළ ප්‍රතිසංස්කරණ බහුතරයෙන් හෝ තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට බාධාවක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම හා ඊට සම්බන්ධ පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියා.