Published
ඉරාන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මෙරට ආනයන, අපනයනවලට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ පෙර පරිදිම ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් නෞකා මෙරටට පැමිණෙමින් ඇති බවයි.
මේ අතර ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී කියා සිටියේ ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වුවහොත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආසන්න රටවලට ගෙන්වා ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බවයි.