මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් තවදුරටත් රෝහල වෙත රැගෙන එමින් සිටිනවා.

ඒ අනුව මේ වනවිට රෝහල් ගත කර ඇති රැඳවියන් ගනන 20 දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද මීගමුව බන්ධනාගාරය වෙත පැමිණෙමින් සිටින බවද වාර්තා වුණා.

මේ අතර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම පාලනය කිරීම සදහා පොලිස් ආරක්ෂා මෙතෙක්  ඉල්ලා නොතිබුන ද අවශ්‍ය ආරක්ෂාව සැපයීම සදහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් සූදානම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.