මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීගමුව පොලිසිය පැවසුවේ අදාල ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 29 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ අතර සිටි රැඳවියන් දෙදෙනෙක්.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම තවදුරටත් පවතින බවයි වාර්තා වුණේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද කැදවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස්වරිස් ජනරාල්වරයා ද මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.

උසස් නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත්තේ ගැටුමට සම්බන්ධ රැඳවියන් පිරිසක් තාවකාලිකව  වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමටයි.

ඒ, මීගමුව බන්ධනාගාර තදබදය ද සැලකිල්ලට ගනිමින්.

රැඳවියන් දෙපිරිස අතර ගැටුම හටගත් හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ