මෙම වසරේ කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් පොලිතීන් භාවිතයෙන් තොරව එම වන්දනා ගමන සිදු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේ පසුගිය වසරේදී පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් බැහැර කළ කසල මෙටි්‍රක් ටොන් 1යි දශම 6ක් කුමන හා යාල ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව එක්රැස්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා.

පරිසර අමාත්‍යංශයේ උපදේශක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ බැතිමතුන් ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීමේදී පොලිතීන් සහ ප්ලාස්ටික් ගෙන යන්නේ දැයි පරීක්ෂා කර බැලීමටත්, ඔවුන්ට රෙදි බෑගලයක් ලබා දීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.