වර්තමාන ආණ්ඩුවට රටේ සිදුවන අපරාධ පාලනය කර ගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් රත්නප්‍රිය මහතා පැවසුවා.

ඔහු කියා සිටියේ කෙටි කලක් තුළ 50කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව ඇති බවයි.

මේ අතර කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කඳාන පොලිසිය ඉදිරිපිටදී අද උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ටී-56 ගිනි අවියකින්.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණා.

පොලීසියේ පැවසුවේ, මෝටර් රථෙය් ගමන් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර නැමැත්තාට ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුව ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ පුද්ගලයා උපාලි අමුණුවිල නැමැත්තෙක් වන අතර ඔහු සමීර මනහර නැමැත්තාගේ මස්සිනා බවයි පැවසෙන්නේ.

මේ අතර මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය විසින් අද දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.