Published
රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්.
කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී රුපියල් කෝටියක් කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.