Published
ශ්‍රී ලංකා රේගුවේ ආදායම රුපියල් ටි්‍රලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, මේ වසරේ ගත වූ මාස හතක කාලය තුළයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මේ වසරේ ශ්‍රී ලංකා රේගුවට ලබාදී ඇති රුපියල් ටි්‍රලියන දෙකයි දශම එකයි පහක ඉලක්කය පහසුවෙන් පසුකර යාමට හැකි බවයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ලුණු ආනයනය හේතුවෙන් ද රුපියල් බිලියන 04ක ආදායමක් උපයාගත් බවයි.
මේ දක්වා ලුණු මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ පන්දහසක් මෙරටට ආනයනය කර ඇති බවයි ඔහු පැවසුවේ.
වාහන ආනයනයෙන් ද රජයට රුපියල් බිලියන 220ක තීරු බදු ආදායමක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.