වාහන ආනයනයට අවසර ලබා දුන් පෙබරවාරි පළමුවනදා සිට මේ දක්වා මෝටර් රථ 14,000ක් මෙරටට ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ රුපියල් බිලියන 165ක ආදායමක් ඒ හරහා ආණ්ඩුවට ලැබී ඇති බවයි.

ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 900ක ආදායමක් උපයාගෙන ඇති බවත්, මෙම වසරේදීත් ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකිවන බවත් ඔහු පැවසුවා.

ඉරාන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මෙරට ආනයන, අපනයනවලට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් පෙර පරිදිම ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් නෞකා මෙරටට පැමිණෙමින් ඇති බවත් ශ්‍රී ලංකා රේගුව වැඩිදුටත් පවසනවා.