විදුලි බිල්පත් කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ලබා දීම සඳහා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 97. 1%ක් ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විදුලි බිල්පත් පැහැර හරින පාරිභෝගිකයන්ගේ විදුලි සබඳතා කප්පාදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දිය හැකි ක්‍රමවේදයක් නොමැතිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා බලශක්ති අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා.