ඉරාන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ කල් තැබීමේ විවාදය නොපවත්වා පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක, වෛද්‍ය රිස්වි සාලි මහතාට සිදු වුණා.
ඒ, අදාළ කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එම විවාදය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ සභා ගර්භයේ නොසිටීම හේතුවෙන්.
අද පස්වරු 03.30ට එම කල් තැබීමේ විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේදී සිදුකල ඉල්ලීමක් අනුවයි.
ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ඇති වුණේ මෙවන් සංවාදයක්.
ඒ අනුව නියම කරගත් පරිදි පස්වරු 03.30ට එම කල් තැබීමේ විවාදය ආරම්භ කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා වෙනුවට යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ නිසාම් කාරියප්පර් මහතායි.
කෙසේවෙතත් ඔහුට මෙම යෝජනාව ඉදිරිපත් කළ නොහැකි බව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දීමත් සමඟ සභාවේ මෙවන් සංවාදයක් ඇති වුණා.
සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එම සංවාදයට මැදිහත් වුණා.
විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ සභාව හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා විසින් තීරණය කළේ මෙලෙසයි.