හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළ සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිය ධාවනය කල තරුණිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය නානුඔය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඉන්දියානු ජාතිකයන් රැගෙන ගිය වෑන් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවටයි නානුඔය පොලීසිය පවසන්නේ.

ඒ අනුව වෑන් රථ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.