Published
ඉදිරියේදී රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
වර්තමානය වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ සිසුන් දැනුවත් කිරීම ඉදිරියේදී පාසල් අධ්‍යාපනය තුළින්ම සිදු කිරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.
ගම්පහ කාර්මික විද්‍යාලයෙ පැවති “ශ්‍රම මෙහෙයුම” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.