පානදුර, වලාන ගැමුණු මාවතේ නිවසක පුද්ගලයෙකුට අද උදෑසන වෙඩි තැබීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කිරීමට උත්සහ දරා ඇති බවයි.
එහෙත් එම පුද්ගලයන් සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීමේ උත්සහය ව්‍යර්ථ වී ඇති බව පොලීසිය පැවසුවා.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ ඉලක්කය වී තිබුණේ “චතූ” නැමැති පුද්ගලයෙක්.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ දරා තිබෙනවා.
වෙඩික්කරු විසින් “චතූ” නැමැත්තාගේ හිසට තුන් වතාවක් වෙඩි තබා ඇති අතර එම අවස්ථා තුනේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.
එම අවස්ථාවේ “චතූ” නැමැත්තාගේ පියා වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට පොල්ලකින් පහරදීමට උත්සාහ දරා තිබෙනවා.
ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ දෙපාර්ශවයක ගැටුමක් හේතුවෙන් එම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
පානදුර -දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.