Published
සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය සහල් හැර සෙසු සහල් වර්ග කිසිවක් මේ මොහොතේ ආනයනය නොකරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
යළ කන්නයේ අස්වැන්න නෙළීම ළඟදීම ආරම්භ වන බැවින් නාඩු සහ සම්බා සහල් කිසිසේත් ආනයනය කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඇතැම් සහල් වර්ග ආනයනය කළද ඒ පිළිබඳව ගොවි ජනතාවට කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.