මෙරට සහල් මාෆියාව තුරන් කිරීමට කීරි සම්බාවලට සමාන සහල් වර්ගයක් වන “ජී ආර් ඉලවන්” නමැති සහල් මෙටි්‍රක් ටොන් 40,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඒ අනුව එම සහල් කිලෝවක් රුපියල් 250කට අඩුවෙන් ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවයි වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ.

යළ කන්නයේ අක්කර හෙක්ටයාර ලක්ෂ 05කට වැඩි ප්‍රමාණය වී වගා කර ඇති බවත් එය ප්‍රමාණවත් බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

අනුරාධපුර කලැත්තෑව ප්‍රදේශයේ අද පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කළා.