නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට මෙම වාහන අයත් බවයි පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක්.
බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මතයි අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ.
එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකය, හොරණ මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද එය නිත්‍ය ලෙස ලියාපදිංචි කර ආරක්ෂක අංශයක සේවය කරන පුද්ගලයෙක් පරිහරණය කරන වාහනයක් බවටද සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම පොලිස් භාරයට ගත් ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර, සකස් කරන ඇති බවද පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ක්‍රියාත්මකයි.