බස්නාහිර පළාතේ පිහිටි පොලිසියක ඉහළ තනතුරක් දරන නිලධාරියකුට පසුගිය දිනක වූ අපූරු සිදු වීමක් පිළිබඳව වාර්තා වනවා

දැඩිව මත්පැන් පානයට ඇබ්බැහි වූවකු වන එම නිලධාරියා පසුගිය දිනක මධ්‍යම රාත්‍රිය වනතෙක්ම මිතුරකු සමග මත්පැන් පානය කර මෝටර් රථයකින් ගමන් කරමින් සිට තිබෙනවා.

අදාළ ගමන අතරතුරදී එම නිලධාරියා මෝටර් රථය වත්තක් අසල නතර කර කඩිනමින් වත්ත දෙසට ඇවිද ගියේ හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා ගොස් තිබෙනවා.

ඒ අතරතුර එම වත්තට යාබද නිවසේ සිටි හැඩි දැඩි වූ සුනඛයෙක් මෙම නිලධාරියා දෙසට කඩා පැන ඇති අතර තමන් පැමිණි මෝටර් රථය ද අමතක වි අසල නිවසක නතර කර තිබූ කැබ් රථයකට ගොඩ වී තිබෙනවා

ඒ සුනඛයාගෙන් බේරීම සඳහායි.

පසුදින අදාළ නිවැසියෝ තම කැබ් රථයේ සැක සහිත ලෙස නිදා සිටි මේ පුද්ගලයා පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ද දැනුම් දීමට සූදානම් වූ අතර එම අවස්ථාවේ අවදි වූ පොලිස් නිලධාරියා තමන් සොරකු හෝ කුඩුකාරයකු නොව පොලිස් ස්ථානයේ ප්‍රධානියා බව පවසා තිබෙනවා.

පසුව ඔහුගේ මුදල් පසුම්බිය ද අතට ගෙන එහි තිබූ නිල හැඳුනුම්පත එම නිවැසියන්ට පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිලධාරියා තමා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයට අසලට ගිය අවස්ථාවේදී ඔහු සමඟ පෙරදින රාත්‍රියේ මත්පැන් පානය කළ පුද්ගලයා ද එහි නිදා සිටින අයුරු දැක තිබෙනවා

මෙම සිද්ධිය අදාළ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ද වාර්තා වී තිබෙන බවයි වාර්තා වන්නේ.