Published
ඊයේ සවස හත්තාන කඳු මුදුන නැරඹීමට ගොස් අතුරුදන් වූ මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ 08 දෙනෙකුගෙන් යුත් පිරිස මේ වන විට සොයා ගෙන ඇති බව මහනුවර පොලීසිය පවසනවා.
එලෙස හන්තාන කන්ද නැරඹීමට ගොස් තිබුණේ අවුරුදු 12ත් 24ත් අතර වයසේ පසුවන පිරිසක්.
පැවති මීදුව සහ වැසි හමුවේ ඔවුන්ට නැවත පැමිණීමට මඟ සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.
ඔවුන් ඒ පිළිබඳව සිය මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ඔවුන් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
මුදාගත් පිරිස පේරාදෙණිය රෝහලට යොමු කර, පසුව ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.