වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.

ඔහු මෙතෙක් රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට අයත් රෝහල් පරිශ්‍රයේ විශේෂ ස්ථානයකයි.

ඔහු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කරන ලෙසට අධිකරණය ද නියෝග කළා.

ඒ අනුව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා රඳවා තැබිය යුතු බන්ධනාගාරය සම්බන්ධයෙන් ඉහළ බන්ධනාගාර නිලධාරින් අතර වැඩි අවධානයක් යොමු වූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ, ඔහුට බන්ධනාගාරය තුළදී එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අගුණකොළපැලැස්ස හෝ දුම්බර බන්ධනාගාරයේ රඳවා තැබීමටයි ඉහළ බන්ධනාගාර නිලධාරින්ගේ අවධානය යොමු වී තිබුණේ.

එවන් පසුබිමක් තුළ ඔහු දුම්බර බන්ධනාගාරයේ රැඳවීමට තීරණය කළා.

ඒ අනුව විශේෂ ආරක්ෂාවක් යටතේ වැලිකඩ බන්ධනාගාරයට අයත් වෑන් රථයකින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.