Published
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මකාර් මහතා විසින් නව වැනි පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද විවිධ විෂයන් සම්බන්ධ කතා 54ක් ඇතුළත් කර රචිත හෘද සාක්ෂිය නම් කෘතිය එළිදක්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයි
එම අවස්ථාව සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්වී තිබෙනවා.
තවද මෙම අවස්ථාව සඳහා සර්වාගමික නායකයන්, දේශපාලනඥන්, නීතිඥවරුන්, විශ්‍රාමික ජනාධිපති ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව තිබුනා
පාර්ලිමේන්තුව තුළ දී සුවිශේෂී කාර්යභාරයන් රැසක් සිදු කළ හරවත් කතා රැසක් සිදු කළ ඉමිතියාස් බාකිර් මකාර් මහතා එම කතා නැවත කියවීමට හැකි කෘතියක් ලෙස ජනගත කිරීම ගැන අතිශය සතුටට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ෆේස්බුක් නිල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියා.