Published
ඩුබායිහි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර යන අයගේ හෙරොයින් බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා තිබෙනවා.
ඒ, වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදීයි.
අදාළ නිවසේ තිබූ හෙරොයින් ග්‍රෑම් 83යි මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා. එම නිවසේ සිටි කොරළවැල්ලේ උක්කුවා නමැති සැකකරුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවසට රැගෙන එන හෙරොයින් අවට ප්‍රදේශවලට බෙදා හැර ඇති බවයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.