Published
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 56,000ක් කඩඉම් ලකුණ ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 9ක පමණක් සිංහල මාධ්‍යයේ කඩ ඉම් ලකුණ 139 බවයි වාර්තා වුණේ.
එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 135 වනවා.
සිසුන් 20,000කට ශිෂ්‍යධාර හිමි වන අතර ඉන් 250ක් හිමි වන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සදහායි.
මෙවර විභාගය සදහා සිසුන් 289,867 ක් පෙනී සිට තිබෙනවා.





