Published
අඹතලේ හා කැළණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවලින් ජලය බෙදාහරින කොළඹ දිස්ත්‍රික්යේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කැළණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වයක් හේතුවෙන් එලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටවූ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව අවශ්‍ය පරික්‍ෂණ හා අදාළ කටයුතු සිදුකරමින් පවතින බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.





