Published
රජය විසින් වී සඳහා අවම මිලක් තීරණය කර ඇත්තේ විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකළ ගණනය කිරීමකට අනුව බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
එම මිල තීරණය කර ඇත්තේ දේශපාලඥයින් මැදිහත්වීමකින් නොව කෘෂි ක්ෂේත්රයේ විද්වතුන් සහ නිලධාරීන් විසින් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
වී මිලදී ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශිත මිල ගණන්වලට එකඟ විය නොහැකි බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ගොවි සංගම් එක්ව රජයට වී ලබා දිය හැකි මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඉකුත් දා ප්‍රකාශ කළා.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.