හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබාදිම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි.

මේ අතර එම කොමිෂන් සභාව වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරින් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.