පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පීලි පැනිමෙන් එක් මැදිරියක් පෙරළී එහි සිටි මගීන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ අළුයම 5.40ට පමණ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රධාන මාර්ගයේ අනෙකුත් මංතීරු හරහා ප්‍රමාදවීම් සහිතව දුම්රිය ධාවනය කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.