අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටිනවා.