ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි.

නාමල් රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේ එම කොමිසම විසින් කරන ලද කැදවීමකට අනුවයි.