මීගමුව බන්ධනාගාරයේ හටගත් උණුසුම් තත්ත්වය  මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

කෙසේවෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි වාර්තා වුණේ.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පළමුව ගැටුමක් හට ගත්තේ ඊයේ පස්වරු එකට පමණයි.

එහිදී තුවාල ලැබූ රැඳවියන් 38 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඒ අතර සිටි රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබුණා.

මේ අතර ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් එම බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහලයක් මත නැග විරෝධතාවක නිරත වුණා.

ඊයේ රාත්‍රියේ  එම වහල කඩා වැටී කාන්තා රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර එම බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව ඊයේ රාත්‍රියේ පාලනය කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

කෙසේවෙතත් අද පෙරවරුවේ එම බන්ධනාගාරය තුළ යලි නොසන්සුන්තාවක් හට ගත්තා.

ඒ අතරතුර වෙඩි හඩද ඇසුණු බවයි එහි සිටි නෙත් නිව්ස් වාර්තාකරුවන් පැවසුවේ.

එහිදී තුවාල ලැබු පුද්ගලයන් 100කට වැඩ් පිරිසක් මීගමුව දිස්ත්‍රික්ක මහරෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඒ අතර සිටි පුද්ගලයන් 23 දෙනෙකු මියගිය බවයි එම රෝහලේ උසස් නිලධාරීයෙකු පැවසුවේ.

නිලධාරීන් 6 දෙනෙකු ද ඒ අතර වනවා.

මේ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි 18 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු බවද මීගමුව දිස්ත්‍රික්ක මහරෝහලේ උසස් නිලධාරියා වැඩ්දුරටත් පැවසුවා.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඊයේ සහ අද හටගත් ගැටුම්වලින් මේ දක්වා මියගිය ගණන 25ක් වනවා.