Published
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීගමුව පොලිසිය පැවසුවේ අදාල ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 29 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ අතර සිටි රැඳවියන් දෙදෙනෙක්.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම තවදුරටත් පවතින බවයි වාර්තා වුණේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද කැදවා තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස්වරිස් ජනරාල්වරයා ද මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.
උසස් නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත්තේ ගැටුමට සම්බන්ධ රැඳවියන් පිරිසක් තාවකාලිකව වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමටයි.
ඒ, මීගමුව බන්ධනාගාර තදබදය ද සැලකිල්ලට ගනිමින්.
රැඳවියන් දෙපිරිස අතර ගැටුම හටගත් හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ



