Published
මීගමුව බන්ධනාගාරයේ අද උදෑසන නැවත ඇති වූ ගැටුම්වලින් තුන් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.
මියගිය අය අතර නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවටයි තොරතුරු තිබෙන්නේ.
බන්ධනාගාරය තුළින් වෙඩි හඩද ශ්රවණය වී තිබෙනවා.
තුවාල ලැබූ 20කට ආසන්න පිරිසක් තවදුරටත් රෝහල් ගත කෙරුණු බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
තත්ත්වය පාලනය කිරිම සදහා අතිරේක පොලිස් බලඇණි සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා තිබෙනවා.
රැදවුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් බන්ධනාගාරය අවට රැස්ව සිටින අතර ඔවුන්ද නොසන්සුන් ලෙස හැසිරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
රැදවුවන් දෙපිරිසක් අතර මීගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ ගැටුමක් ඇති වුණා.
එහිදී තුවාල ලැබු 36 දෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගියා.


