ලාෆ්ස් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745 කින් අඩු කරන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ.

එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,995ක් වනවා.

එම සමාගම 5 kg ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 322 කින්.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,398ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ.