ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් අද සිට පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් අඩු කළ බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

එම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365 ක් වනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 42 කින්.

එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,750 ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 20 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව රුපියල් 815 ක් වන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ