Published
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට නොබෝ වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තලංගම පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි.
අද දිනයේ ප්‍රකාශයක් ලබාදීම සදහා එම පොලිස් ස්ථානයේ පෙනි සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව විමල් වීරවංශ මහතා අද පෙරවරු 10ට තලංගම පොලිසියට පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට රැගෙන සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.




