ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

විමල් වීරවංශ මහතා අද (25) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණියා.

එහිදී තලංගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඒ, මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළවයි.