ගෝලීය යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ කටයුතු සිදු කරන වැඩසටහන් සඳහා ලබා දෙන අමෙරිකානු අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමටයි නිර්දේශ කර ඇත්තේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ විදේශ ආධාර කප්පාදු ක්‍රමය යටතේ එම අරමුදල් නතර කිරීම සිදු වනවා.
එම වැඩසටහන් අතරට ශ්‍රී ලංකාව, ඉරාකය, මියන්මාරය, නේපාලය, සිරියාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය සහ ගැම්බියාව ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඉලක්කගත වැඩසටහන් අතරට යුක්රේනයේ රුසියානු යුද අපරාධ ද ඇතුලත් වී තිබෙනවා.
කපා හැරීමට නියමිත අනෙකුත් වැඩසටහන් අතර මියන්මාර හමුදාව විසින් මියන්මාරයේ වෙසෙන රොහින්ග්යාවරුන්ට එරෙහි සිදු කළ අපරාධ සහ බෂාර් අල්-අසාද් යටතේ සිරියාවේ කිතුනුවන්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට හිංසා පීඩා කිරීම ලේඛනගත කරන වැඩසටහන් ඇතුළත්.
එලෙස අමෙරිකානු අරමුදල් ලබාදීම අවසන් කර ඇති ඇතැම් වැඩසටහන් වසර ගණනාවක් සිට අමෙරිකාවේ ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පරිපාලන යටතේ ක්‍රියාත්මක වු ඒවා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේ වෙතත් එය අවසාන තීරණය නොවන අතර මේ සම්බන්ධයෙන් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට අභියාචනා කිරීමට හැකියාවක් පවතිනවා.