මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ doentes.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 294,089ක් පෙනී සිටියා.

විභාගය පැවැත්වුණේ රට පුරා මධ්‍යස්ථාන 2723කදීයි.

විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව  ඉකුත් 20වනදා ආරම්භ වුණා.

ඒ රට පුරා මධ්‍යස්ථාන 48කදි. ඇගයි මණ්ඩල 380ක් යටතේ පරීක්ෂකවරුන් 6,000ට වැඩි පිරිසක් ඇගයීම් සඳහා එක්ව සිටියා.