පොලිස් අත්අඩංගුවේ පසුවූ බාලවයස්කාර දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ජාකොබාබාද් දිස්ත්‍රික් පොලිසියේ පොලිස් නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වින්දිත දැරියගේ පවුලේ සාමාජිකයින් විසින් ඒ සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් වින්දිත දැරිය සහ ඇගේ 15 හැවිරිදි සොහොයුරියක් සහ ඔවුන්ගේ මිත්තණිය එලෙස පොලිස් භාරයේ රඳවා තබා ගෙන ඇත
පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසුවේ සැකකාරියන් තිදෙනා පිරිමි පොලිස් නිලධාරීන් සමඟ පෞද්ගලික ස්ථානයක රඳවා තබා සිටි බව ද වාර්තා වූ බවයි.
වින්දිත දැරිය එම සිද්ධියට මුහුණ පා ඇත්තේ ඉකුත් 12 වන දින රාත්‍රියේ වන අතර පසුදා සැකකාරියන් තිදෙනා මුදා හැර ඇතැයි ද පැවසේ.
පැමිණිලිකාරිය කියා සිටියේ සිය පවුලේ සිටින ඇතැම් පිරිමි පුද්ගලයින්ට බලපෑම් කිරීම සඳහා පොලිසිය විසින් ඔවුන්ව ප්‍රාණ ඇපයට තබා ගත් බවයි.
යුක්තිය ඉල්ලා සිටීම වැළැක්වීම සඳහා පොලිසිය විසින් හිරිහැර කරන ලද බවට ද ඔවුන් පැමිණිලි කළහ.



