Published
ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා 05ක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකානු හමුදාව පියවර ගෙන තිබෙනවා.
ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට ඉරාන විප්ලවීය අරක්ෂක බලකාය (IRGC) විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකානු ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය අරක්ෂක බලකාය ප්‍රකාශ කළේ, ජෝර්දානයේ පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකට (Al-Azraq) තමන් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.
මේ අතර, පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ක්වේට් සහ බහරේන් වරාය ආශ්‍රිතව පවතින තෙල් නැව් වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නාවික හමුදාව තර්ජනය කර සිටිනවා.
ඒ අනුව එම නෞකාවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වහාම එම නෞකාවලින් ඉවත් වන ලෙසයි ඉරානය දැඩි ලෙස අවවාද කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ටෙහෙරානයට අනතුරු අඟවමින් කියා සිටියේ, ඇමරිකානු යුද නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට දරන ඕනෑම උත්සාහයකට ප්‍රතිචාර ලෙස ඉරාන තෙල් නැව් වෙත එල්ල කරන ප්‍රහාර නොනවත්වා ඉදිරියටත් සිදු කරන බවයි.




