ජිබූටි රාජ්‍යයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් රැගත් නෞකාවක් පෙරළී යාමෙන් ළමයින් ඇතුළු පුද්ගලයන් 109 දෙනෙකු මියගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මෙම නෞකා අනතුරෙන් ළමුන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව සදහන්.

ඒ අතර ගැහැණු ළමුන් 9 දෙනෙකු වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම කාන්තාවන් 42 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 52 දෙනෙකුද මියගොස් තිබෙනවා.

මියගිය සියලු දෙනාගේ සිරුරු සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම අදාළ අනතුරෙන් තවත් පුද්ගලයන් 116 දෙනෙකු අතුරුදන්ව සිට්නවා.

කෙසේවෙතත් පුද්ගලයන් 80කට ආසන්න පිරිසක් දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය  වාර්තා කළේ.

ඇඩන් බොක්ක සහ බැබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියට ආසන්න 'ගුහෙරේ' (Guhere) ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව දිවි ගලවාගත් පිරිස් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.