එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට කැනේඩියානු රජයේ ප්‍රධානීන් සහ අමාත්‍යවරුන් උත්සාහ දරන බවට ඔටාවා නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය චෝදනා කරනවා.

ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිල තොරතුරු පත්‍රිකාවකට අනුව සඳහන් වන්නේ, කැනේඩියානු අමාත්‍යවරුන් සහ ප්‍රාන්ත අගමැතිවරුන් ඇමෙරිකානු දේශපාලනයට බලපෑම් කිරීමේ සැලසුම් පිළිබඳව නිල ලේඛනවල මෙන්ම ප්‍රසිද්ධ ප්‍රකාශවල ද ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බවයි.

ඊට අමතරව, තීරුබදු පැනවීම හරහා ඇමෙරිකානු දේශපාලන තීරණවලට බලපෑම් කිරීමට කැනඩාව උත්සාහ දරන බවට ද ඇමෙරිකාව චෝදනා කරනවා.

කෙසේ වෙතත්, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාක් කාර්නි ඇතුළු එරට ප්‍රධානීන් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.