Published
පන්දුවාර විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වුණා.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව ඉන්දුනීසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 04 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 73 ක් පමණයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 75 ක් රැස් කර ගනිමින්.




