පැනමා රාජ්‍යයේ ඇති වූ රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූකම්පනයෙන් පසු එරට ජනාධිපති හොසේ රාඋල් මුලීනෝ ජාතිය අමතා තිබෙනවා.

ඔහු අවධාරණය කර ඇත්තේ පුරවැසියන් අනවශ්‍ය බියක් හෝ නොසන්සුන්තාවයක් ඇති කර ගැනීම අනවශ්‍ය බවයි.

සමස්ත රාජ්‍ය සේවයම මේ වන විටත් සහන කටයුතු සඳහා සූදානම් කර ඇති බව පැනමා ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මිලියන 4.6කට ආසන්න පිරිසකට මෙම ප්‍රබල භූකම්පනය අත්විඳීමට සිදුව ඇති බවයි.

මෙම භූකම්පනයෙන් ගොඩනැගිලි ඇතුළු දේපළ රැසක් විනාශ වී තිබෙනවා.

පළමු භූකම්පනයෙන් පසු ප්‍රබල පසුකම්පන කිහිපයක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ නිසා සහන සේවා කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

සිද්ධියෙන් පසුව පැනමා රාජ්‍යයට මායිම්ව පිහිටි රටවල් 11කට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, දැන් එම අවදානම පහව ගොස් ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

විශේෂිතම කරුණක් පැනමා රාජ්‍යයට ඊයේ පස්වරුවේ මෙම භූකම්පනය ඇති වූයේ මෙවැනි භූකම්පනයකට මුහුණ දෙන ආකාරය පිළිබඳ ජාතික පෙරහුරුවක් හෙට පැවැත්වීමට නියමිතව තිබියදී වීමයි.