ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.07 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 92.28 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකාව සහ ඉරාන අතර යුද ගැටුම් යළි උත්සන්නවීම හමුවේ බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.