රුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් එම පනතට ට්‍රම්ප් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය හිමි වනවා.

ජනපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262ට 159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාවප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රෑම් සිහිපත් කර මෙම පනත ඔහුගේ නමින් නම්කර තිබීමද විශේෂත්වයක්.

මෙම නව නීතිය රුසියානු රාජ්‍ය නිලධාරීන්, බැංකු, බලශක්ති අංශ මෙන්ම රුසියානු හමුදා මෙහෙයුම්වලට සහාය දක්වන විදේශීය ආයතනවලටද අදාළ වනවා.

ඒ අනුව රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.