2026 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ ජොහෙයිරි මෝලා ඩොමින්ගුවෙස් සමත් වුණා.
ඇය ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක්.
‘Voices of Tomorrow’ සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන්නේ ද ඇයයි.
මෙම සංවිධානය විසින් අවදානමට ලක්වූ ප්‍රජාවන්හි දරුවන් හා තරුණයන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා.
ජොහෙයිරි මෝලා ඩොමින්ගුවෙස් ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යය සහ සමාජ අධ්‍යයනය ඉගැන්වීමෙන් දරුවන්ගේ විවේචනාත්මක චින්තනය සහ සමස්ත සංවර්ධනය දිරිගන්වනියක් බවද සඳහන්.
Univision New York හි ‘Ventana a Quisqueya’ වැඩසටහනේ වාර්තාකාරිනියක ලෙස ඩොමිනිකන් සංස්කෘතිය, සමාජ ගැටලු සාකච්ඡා කිරීමට ද ඇය මැදිහත් වනවා.
ඇගේ පෞද්ගලික ආදර්ශ පාඨය වන්නේ - “ඔබට ලබාදිය හැකි විශිෂ්ටතම ත්‍යාගය වන්නේ, ඔබට වරක් වර්ධනය වීමට, ඉදිරියට යාමට සහ ඔබේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවම තවත් කෙනෙකුට ලබාදීමයි” යන්නයි.
ලෝක රූ රැජිණ අනුශූරිය ලෙස ස්පාඤ්ඤයේ එලිසබෙත් රෙයිනෙස් නම් කෙරුණා.
තුන්වන ස්ථානය දිනා ගත්තේ මැලේසියාවේ ටානුසියා චෙට්ටියි.
මේ අතර ලෝක රූ රැජිණ ලෙස කිරුළ දිනාගත් ඩොමිනික් රූමතියට කිරුළ පැළඳවීම පසුගිය වසරේ පැවති 72 වැනි ලෝක රූ රැජිණ තරඟයේ ජයග්‍රාහිකාව වූ තායිලන්තයේ ඔපාල් සුචාතා චුවැන්ග්ස්රි විසින් සිදු කෙරුණ.




