බහමාස් දූපත් වල සිට පියාසර කරමින් තිබියදී පෞද්ගලික ගුවන් යානයක් ෆ්ලොරිඩාහිදී මුහුදට කඩා වැටී තිබෙනවා.

කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිටි පුද්ගලයින් 11 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ.

අමෙරිකානු සහන කණ්ඩායම් විසින් මෙම බේරාගැනීමේ මෙහෙයුම සිදුකර තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එන්ජින් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

යානය මුහුදට කඩා වැටීමෙන් පසු එහි සිටි 11 දෙනා ජීවිතාරක්ෂක බෝට්ටුවක් ආධාරයෙන් පැය පහකට අධික කාලයක් මුහුදේ රැඳී සිට තිබෙනවා.

ඒ වනවිට අසල ප්‍රදේශයක අමෙරිකානු ගුවන් හමුදා යානයක් පුහුණු වීමක යෙදී සිට ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී බේරාගැනීමේ මෙහෙයුම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

ඒම අවස්ථාවේ එහි පැවත ඇත්තේ වැසි සහිත කාලගුණික තත්වයක්.

ඒ මධ්‍යයේ කෙරුණු බේරාගැනීමේ මෙහෙයුම විශිෂ්ඨ ගඝනයේ එකක් බව විදේස වාර්තා වල වැඩිදුරටත් දැක්වෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ, සහන කණ්ඩායම් සතු තිබී ඇත්තේ සීමිත ඉන්ධන ප්‍රමාණයක්.

ඉන්ධන අවසන් වීමට මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී මෙහෙයුම අවසන් කර ඇත්තේ.
දිවි බේරාගත් පිරිස මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බහමාස් බලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.